යුද පිටියක් වූ බංග්ලාදේශය
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එරට මේ දිනවල පැවැත්වෙන රජයේ රැකියා සඳහා කෝටාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවලදී පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එමෙන්ම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මේ හේතුවෙන් එරට සියලුව පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමන බව බංග්ලාදේශ රජය නිවේදනය කළා.
1971 පකිස්ථානයෙන් නිදහස් වීමට දියත් කළ නිදහස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා 30% ක වෙන්කිරීමක් ඇතුළත් රාජ්‍ය අංශයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් සති ගනනාවක් තිස්සේ බංග්ලාදේශය පුරා විරෝධතා පැවැත්වුණා.
මිලියන 170ක මුළු ජනගහනයක් සිටින බංග්ලාදේශයේ මිලියන 32කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් රැකියා හෝ අධ්‍යාපනය නොලබන පිරිසක්වන අතර, මෙම රැකියා කෝටාව ඉහළ තරුණ විරැකියා අනුපාතවලට මුහුණ දෙන සිසුන් අතර කෝපය තව තවත් වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම අගමැතිනි ෂේක් හසීනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම විරෝධතා උත්සන්න වී තිබෙනවා.