ලොකු පැටී අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පළ කරනවා.
එමෙන්ම ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.
කෙසේවෙතත් අප කළ විමසකදී පොලීස් මාධ්‍ය අංශය පැවසුවේ, කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී අත්අඩංගුවට ගෙන ඇති බවට ඔවුන් වෙත කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බවටද බුද්ධි අංශ තොරතුරු පවසනවා.