දේශීය

Breaking: හදිසි දුම්රිය වැඩ වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ.

සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් ල​බා නොදීමට විරුද්ධව මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර තිබෙනවා.

update:

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම හෙට දින(10) ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් හෙට දිනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ද ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button