දේශීය
Breaking : ඉන්ධන මිල වෙනස් වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් පහත දමා තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
* පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
* සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* ඔටෝ ඩීසල් – (මිල රු.317)
* භූමිතෙල් – (මිල රු.202)