දේශීය

Breaking : නාමල්ගේ නැන්දම්මත් රටින් ගිහින්

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් දින දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කර තිබෙනවා.

මෙම පිරිස අද දින උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබෙනවා.

ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර මොවුන් ද ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button