Breaking: බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර පැන ගිහින්
Update: 04. 20 P.m
බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙන්.
හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවයි.
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ අගාර්තාලා නගරය වෙත ළඟා වූ බවයි.
…………………………………………………
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි.
විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙර සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.