විදෙස්

කිය­රැන් සුළි කුණා­ටු­වෙන් බ්‍රිතා­න්‍ය­යට බල­පෑම්

අධික වර්ෂාවත් සමඟ බ්‍රිතාන්‍ය පුරා හමා ගිය කියරැන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විශාල සංඛ්‍යාවක්ද විනාශවී අති බවයි.

එහිදී පැයට කිලෝමීටර් 161ක වේගයෙන් හමා ගිය සුළි කුණාටුව තවත් නිවාස දහස් සංඛ්‍යාවකට විදුලිය විසන්ධි කර ඇති බවද සඳහන්.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් සිය ගණනක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ගමනාගමනයටද දැඩි බාධා එල්ලවී ඇති බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

එමෙන්ම නැඟෙනහිර ස්කොට්ලන්තයට සහ දකුණු එංගලන්තයට අඛණ්ඩව වර්ෂාව පතිතවන බවත්, කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button