දේශීය
බස් ගාස්තු වැඩි වෙයි

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස්ගාස්තුව රු 40ක් වනු ඇති බවයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස1 වනදා ට යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.