බස් රථ ධාවනය 50%කින් අඩුවෙයි.-ගැමුණු විජේරත්න
හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, නැවතත් ඉන්ධන අර්බුදයක් රට තුළ ගොඩනැගෙනමින් තිබෙන බවය.
පසුගිය දින තුන තුළ ලංගමයෙන් නිසි ලෙස ඩීසල් නොලැබුණ බව ද පැවසු ඒ මහතා, අද දිනයේ දීත් පූර්ණ වශයෙන් බස් ධාවනය නොවු බව පවසයි.
අද දවසේදීත් දකුණු පළාතේ බොහෝ බස්රථ ප්‍රමාණයක් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින බව ද පැවසු ඒ මහතා මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ද කියා සිටියා.
එමෙන්ම මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන පිරවුම්හල් සහ කර්මාන්තශාලා වෙත ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීම මේ වන විට නවතා ඇති අතර කොලොන්නාව පර්යන්තයෙන් ද ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට සීමා කර ඇති බව බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පවසනවා.