දේශීය

රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්  මුදල් සොරාගෙන

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් රෝහිත රාජපක්ෂ ගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමරිකානු ඩොලර් 400කට ආසන්න මුදලක් වංචනික ලෙස සොරාගත් සිද්ධියක් පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා

නාරාහේන්පිට පොලිසිය විසින් අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම්  දී තිබෙන්නෙ අන්තර්ජාල ගනුදෙනුවක් හරහා මෙම වංචනික ක්‍රියාව සිදුවී ඇති බවටයි.

රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් අමෙරිකානු ඩොලර් 387 ක අන්තර්ජාල ගනුදෙනු හතරක් කිසියම් අයෙකු සිදුකර ඇතිබව මෙහිදී  හෙළිදරව් වී තිබෙනවා.

රෝහිත රාජපක්ෂ ඉකුත් මාර්තු 3  වැනි දා මාතර නිවසට යමින් සිටියදී  තම ක්‍රෙඩිට් කාඩ්පත නැති වූ බවට නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණු බව සඳහන් .

අදාළ බැංකු ගිණුම් වාර්තා නිකුත් කරන ලෙස අදාළ  පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාල කළමනාකරුට නියෝගයක්  නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button