දේශීය

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළිත් දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටි ඇත.

තම සේවාදායකයාට සිතාසි ලැබී තිබෙන බවත් ඔහු මීළඟ දින පෙනීසිටින බවත් නීතිඥවරයා දැනුම් දී තිබේ

අනතුරුව පැමිණිල්ල ජුලි මස 25 වනදා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින තෙක් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස නියෝග කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button