දේශීය
අඩුවෙයි කියූ සිමෙන්ති මිල දිගින් දිගටම වැඩි වෙයි..
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850ත් රුපියල් 1,975ත් අතර මිලකට ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබෙනවා.
සිමෙන්ති සමාගම් ඊයේ (12) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවයි වාර්තාවන්නේ.
මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් පැවතුණේ නිල වශයෙන් රුපියල් 1,375ක මිලකටයි.
සංස්ථා සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,850ක් වන අතර ටෝකියෝ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,975ක් වන බවට වාර්තා වේ.
මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ කළ ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාව සමග සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,350ක මිලකට ලබාගත හැකි බව පැවසූවත් එයද ජනතාව මුලා කිරීමට කළ ප්‍රකාශයක් පමණක් බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් මිල ඉහළ වුවද සිමෙන්ති හිඟය තව දුරටත් රට පුරාම පවතින බවයි වාර්තාවන්නේ.