දේශීය

ඕස්ට්‍රේලියාවේදී චමරි අතපත්තුට සුවිශේෂී තැනක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 26 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන WBBL තරඟාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසාන තරඟය වෙනුවෙන් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන්වන්නේ.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ Women’s Big Bash League තරඟාවලියේ චමරි නියෝජනය කරන Sydney Sixers Women කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එළඹෙන 26 වනදා පැවැත්වෙන Sydney Thunder Women සහ Sydney Sixers Women අතර තරගයේදී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් Chamari Bay ලෙස නම්කර ඇති බව වාර්තාවනවා.

Women’s Big Bash League තරගාවලියේ චමරි අතපත්තු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button