ක්‍රීඩා
චමරි ලෝකයේ පළමු තැනට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (22) කළ යාවත්කාලීන කිරීමට අනුව ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.
චමරි පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරඟයේදී නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවූවා.
චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරඟ 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.
එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙනවා.