විදෙස්

චීනයට අලුත් අවුරුද්ද උදා වෙ​යි

චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද අද (10) උදාවුණා.

ඒ අනුව එර​ට චීන නව වසර හෙවත් වසන්ත උත්සවය එන​ම් මකරාගේ වසර අදින් ඇරඹෙනවා.

චීන සාම්ප්‍රදායික නව අවුරුදු උදාව පිළිගනිමින් චීන මාධ්‍ය සමූහය වාර්ෂිකව ඉදිරිපත් කරන වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය ඊයේ (09) රාත්‍රියේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙ​ම වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් පුරාවට පැවැත්වෙන අතර චීනයේ විශාලත​ම උත්සවය මෙය බවද සඳහන්.

2024 වසරට චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 75ක්  සැපිරීම නිමිත්තෙ​න් චීනය සියලු ලෝක වාසීන්ට මකරාගේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button