විදෙස්

132 දෙනෙකුට දිවි අහිමි කළ චීනයේ ගුවන් අනතුර

පුද්ගලයින් 132 දෙනෙකු සමඟ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයක් දකුණු චීනයේ කඳුකරයට කඩා වැටී ඇති අතර යානය තුළ සිටි කිසිවකු දිවිගලවා ගත් බවට සලකුණක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

යානය තුළ මගීන් 123 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු සිටි බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කර ඇත.

යානය අනතුරට පත්ව ඇත්තේ කුන්මිං (Kunming) නගරයේ සිට ග්වැංශෝ (Guangzhou) වෙත පියාසර කරමින් සිටිය දීය.

පියාසැරි නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar24 වාර්තා කර ඇති පරිදි ගුවන් යානය පැයට සැතපුම් 350ක වේගයකින් පහළට සිරස් අතට කඩා වැටී ඇති අතර කඩා වැටීමට හේතුව පිළිබඳව තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

යානය කඩා වැටීමෙන් පසු කඳුකර පෙදෙසේ විශාල ගින්නක් ඇති වූ බවත් සුන්බුන් අතර ජීවයේ කිසිදු සලකුණක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ යානය වූශෝ (Wuzhou) නගරයට ඉහලින් ගමන් කරමින් සිටිය දී සම්බන්ධතා නැති වූ බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button