දේශීය

චීන යුද නැව: චීන බලධාරීන් මෙරට රජයෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

මතභේදාත්මක චීන යුධ නෞකාවේ මෙරට සංචාරය කල්දමන්නැයි ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීමත් සමග චීන බලධාරීන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

අදාළ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය විසින් අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන අභ්‍යවකාශ හා චන්ද්‍රිකා නිරීක්ෂණ “යුආන් වැන්ග් ෆයිව්” නෞකාව ලබන 11 වැනිදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත වනවා. නෞකාවේ එම සංචාරය, කලාපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව සඳහන් කළ ඉන්දීය රජය ඒ පිළිබඳව සිය කනස්සල්ල පළකර තිබුණි. අදාළ නෞකාවේ මෙරට සංචාරය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදී තිබුණ ද උද්ගතව ඇති තත්ත්වය හමුවේ නෞකාව පැමිණෙන දිනය කල්දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය චීන රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණි.

ඒ අනුව, මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණින් චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන් සමග හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button