දේශීය

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරේ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කෙරුණා.

ක්ලබ් වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළා.

එහිදී ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ තිබුණා.

ඒ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ සිරුර අවසන් ගෞරව සඳහා එම පෞද්ගලික මල් ශාලාවේ නොතබන ලෙස ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමක් හේතුවෙන්.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණා.

​ඒ මහතා පසුගිය සඳුදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි.

නයන වාසුල විජේසුරිය නැමැත්තා ද වෙඩි වැදිමෙන් ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ.සුජිවා මහත්මිය ඇතුළු තවත් හතරදෙනෙකු තුවාල ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button