දේශීය

අතුරුගිරියේ වෙඩිතැබීමෙ​න් ක්ලබ් වසන්ත මරුට 

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙ​න් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව​යි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවත් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබෙන බව​ත් පොලීසිය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button