දේශීය

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බවට වාර්තාවනවා.

පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණා.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර එහි මහලේකම් ධුරයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබුණා.

එම තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ අතර ඊට අදාළ ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙනු ලැබුවා.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද සිය පක්ෂයේ පසුගිය දිනවල සිදුකෙරුණු පත්කිරීම් හමුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ විරෝධතා ගොනුකර ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ පත්කිරීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවට මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකරනු ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වී ඇති ඉරණම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M චන්ද්‍රෙස්න මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button