දේශීය

2024 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ මෙරටදී

එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ 2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වනවිට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීමේ කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේදී පැවැති උත්සවයට සහභාගී වෙමින්.

එසේම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button