ව්‍යාපාරික

බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවෙමින් පවතී. අද දිනය වන විට ඇමරිකානු ඩොලර් 131ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ක් ලෙසයි වාර්තා වන්නේ.

WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 123 සිට 97 දක්වා අඩු වී ඇත.

විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට බොර තෙල් මිල අඩු වීමට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ, රුසියාව සහ යුක්රේනය අතර පැවති සටන් විරාම සාකච්ඡාවල ප්‍රතිඵල සහ නැවතත් චීනයේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ චීනයේ බොර තෙල් ඉල්ලුම අඩු වනු ඇතැයි අපේක්ෂා කිරීම ඇතුළු සාධක ගණනාවකි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button