විදෙස්

ගාසා තීරයේ දෛනික ළමා මරණ ගණන 160 දක්වා ඉහළට

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරය මේ වනවිට තත්ත්පරයෙන් තත්ත්පරය මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් බවට පත්ව  තිබෙනවා.

එවැනි පසුබිමක එක්සත් ජාතීන් පවසන්නේ, ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160ක් සිදු වෙමින් පවතින බවයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට පැමිණ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇරඹි යුද්ධය මේ වනවිට ගාසා අගනගර මධ්‍යය දක්වාම පැතිරී ඇති බව සඳහන් වනවා.

එරට ආරක්ෂක ප්‍රධානීන් තහවුරු කළේ, සිය සෙබළු ගාසා නගර අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. 

මේ අතර, ගාසා නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ඉවත්ව යාමට පැය 04ක මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කළේ, 1967 සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින්, මියගිය පලස්තීන දරුවන් ගණන මෙන් දෙගුණයක්, ගෙවුණු මාසය තුළ මියගොස් ඇති බවයි. 

එමෙන්ම, සෑම මිනිත්තු 10කදීම එක් ළමයකු බැගින් මියයන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර, ගාසා ජනතාව උග්‍ර ජල හිඟයකින් පීඩා විඳිමින් සිටින බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button