දේශීය

මහින්දානන්ද සහ නලීන්ට එරෙහි නඩුවකට දින දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය  නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ  රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට චෝදනා එල්ලවී තිබුණා.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබාගොස් ඇති බැවින් එම පුරපාඩුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා එම නඩුව කල් තබන ලෙස නියෝග කර තිබුණා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button