දේශීය

බස්රථ අලංකරණය කිරීමට අවසර දිය යුතුයි – නාමල් රාජපක්ෂ

ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, බස්රථ හිමියන් නාමල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී.

මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් සහ කලාවක් බවත් බස්රථ අලංකරණය කිරීමේදී ජනතාවට හානියක් නොවනවානම් කිසිදු ගැටළුවක් නැති බවයි.

නීතී කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතාවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙන බවත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කල බස්රථ වලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ එහිදි පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස්රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button