ඩෙංගු අධි අවදානම් කලාප 45ක් නම් කරයි
රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනයවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ඊයේ (19) ප්‍රකාශ කර තිබෙනවා.
ඇය පවසන්නේ, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර එම ප්‍රමාණය 34,645ක්ද එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බවයි.
ඩෙංගු අධි අවදානම් කලාප 45ක් මේවන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක්ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබෙනවා.
මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තාවී තිබෙන බවයි සඳහන්වන්නේ.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක්ද වාර්තාවී තිබෙනවා.
නොවැම්බර් 06 වැනිදා සිට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1586ක් වාර්තාවී ඇති අතර 44 වැනි සතියට සාපේක්ෂව එය සියයට 3.5ක වැඩි වීමක් බව සඳහන්.
එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝවීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා.