ශිෂ්ටාචාරය වෙනස් කරන හැටි ධම්මික පෙරේරා අනුරාධපුරයේදී කියයි
ලෝකයේ කිසිදු රටක් අධ්‍යාපනයෙන් තොරව දියුණුවක් අත්පත් කරගෙන නොමැති අතර ඉදිරි පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම තුළින් අපේ රටද දියුණු කළ හැකි බව ඩී.පී.එඩියුකේෂන්හි සභාපති හා නිර්මාතෘ, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.
අනුරාධපුර, වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේ පසුගිය 17 වනදා පැවැති ඩී.පී.එඩියුකේශන් ව්‍යාපෘතියේ 61 වන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව සඳහන් කළා.
එහිදී, නවීන පරිගණක 40කින් සමන්විත එම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කර සිසු ගත කිරීමේ අවස්ථාව සහ පාඨමාලා 100 සම්පුර්ණ කල සිසුන් සඳහා සහතික පත් ලබාදීමත් සිදු කෙරුණේ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.
“ඩී.පී.එඩියුකේෂන් ” ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි දරු දැරියන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරමින් අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කර දීමයි.