ලිංගික අතවර චෝදනාවෙන් ධනුෂ්ක නිදොස් කොට නිදහස්
ඔස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.
සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගට් විසින් අද(28) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
අදාළ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටයි විනිසුරුවරිය තීන්දු කරනු ලැබුවේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.
කෙසේවෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තා.
මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.