දේශීය

ටියුෂන් ආදායම ගැන හෙළිදරව්වක්

උපකාර පන්ති ක්ෂේත්‍රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්‍රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පවසනවා.

මහචාර්යවර​යා සඳහන් කළේ, අදාළ විෂයයන් අසමත්වූ අයත් උපකාර පන්තිවල උගන්වන බවට තොරතුරු හෙළි වී ඇති බව​ත් එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බවයි.

එමෙන්ම උපකාර පන්ති ක්ෂේත්‍රය නියාමනය විය යුතු බවද ඔහු සඳහන් කළා.

උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයා බැලිය යුතු බවත් ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා පවසනවා.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් පැවරෙන බව​යි වසන්ත අතු කෝරල මහතා පවසන්නේ.

එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට  පත්වි බිඳවැටිය හැකි බව ඔහු වැඩිදුරට​ත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button