දේශීය

ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳ සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව සාකච්ඡා වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කොරියාවේ ඇතිවු ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධව සාකච්ජා කළ අතර, එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වනු ඇත බවත්, දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය සහ සහයෝගීතාව ලබා දෙන බවට එහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූ බවත්,අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, දේශගුණික ප්‍රතිපත්තිවල පරිවර්තනයට දායක විය හැකි කාලගුණික ක්‍රියාමාර්ග සඳහා වන මුදල් අමාත්‍යවරුන්ගේ හමුවටද  එක් වූ අමාත්‍යවරයා, ස්වභාවික හා දේශගුණික බලපෑම් අවම කිරීමේ විසඳුම් සඳහා ආයෝජන අවස්ථා වැඩි කිරීමට පෞද්ගලික අංශයට හැකිවන පරිදි රාජ්‍ය අංශය තුළ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සම්බන්ධව සාකච්ජා කර තිබුණා.  

එහිදී, දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍යකරණය සඳහා මූල්‍යකරණය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අතර, එමගින් තිරසාර සංවර්ධනයක් ළගාකරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button