ව්‍යාපාරික

Divolca තවත් ප්‍රමිතිගතව නව්‍යකරණය වෙමින් ශ්‍රී ලාංකේය අපනයන ආර්ථිකයට සෘජු දායකත්වයක්

ශ්‍රී ලාංකේය විදුලි උපාංග සන්නාමයක් වන Divolca  සිය සන්නාම නාමය තවත් ප්‍රමිතිගතව නව්‍යකරණයට ලක්  කරමින් යාවත්කාලීන නිපැයුම් රැසක් වෙළඳ පොළ වෙත යොමු කරයි.ජ්‍යාතන්තර ප්‍රමිතිගත සහ ආරක්ෂිත විදුලි උපාංග පහසු මිලට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ලබාදීම මෙම නව්‍යකරණයට සමගාමීව තවදුරටත් පුළුල් කිරීම Divolca සමාගමෙහි අපේක්ෂාවයි.

ඒ අනුව Micro Electric International (PVT) Ltd සමාගම  නව්‍යකරණයයේ ව්‍යුහාත්මක වෙනසක් සමඟින් The ME Group ලෙස මේ සමඟ ස්ථාපිත වනු ඇත.

මෙම මොහොත සමඟ එක්වූ The ME Group හි සභාපති  ධම්මික සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
සියයට සියයක් දේශීය සමාගමක් වන Divolca නව නව්‍යකරණයේ ප්‍රමිතිගත වෙනස සමඟ The ME Group ලෙස ස්ථාපිත කිරීමට ලැබීම පිළිබඳ මා මේ මොහොතේ ඉතාමත් සතුටට පත්වෙනවා.ඉතා කුඩා ලෙස ආරම්භ කළ අප සමාගම ජ්‍යාතන්තරයේ පවා විශ්වාසය දිනා ගැනීමට සමත්වූයේ අප තුළ ඇති ගුණාත්මක  විශ්වසනීයත්වය බව මා හුදෙක් විශ්වාස කරනවා.
අප සමාගම සමඟ මෙතෙක් අත්වැල් බැඳගත් පාරිභෝගික ජනතාවට,සමස්ත සේවක මණ්ඩලයට,සියලු විදුලි කාර්මික ශිල්පීනට සහ අපගේ බෙදාහැරීමේ නියෝජිතයන් මෙන්ම වෙළඳසැල් හිමිකාරීත්වය මේ අභිමානවත් මොහොතේ මා සිහිපත් කරනු ලබන්නේ ඔවුනට ස්‍තූතියද පිරිනමමින්.
මෙතෙක් පැමිණි ගමනේදී ශ්‍රී ලාංකිකයන් රැසකගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්.අපගේ රටට අත්‍යාවශ්‍ය විදුලි උපාංග සහ මෙවලම් අපේ රට තුළම නිශ්පාදනය කිරීම  හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවි බල ගැන්වීමට දේශීය සමාගමක් ලෙස අප දායකත්වය සැපයිම පිළිබඳ මා මේ මොහොතේ නිහතමානීව ආඩම්බර වෙනවා.
එමෙන්ම එම සේවාවන් තව දුරටත් පුළුල් කිරීම උදෙසා අපගේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා නව නියෝජිතයන් පත් කර ගනිමින් රටට අවශ්‍ය නව රැකියා උත්පාදනය කිරීමටද අප සමාගම දෑත දිගු කිරීමට සූදානම්.
ශ්‍රී ලංකාවේ නිපැයුමක් ලෙස ලෝකය පුරා කතා බහට ලක්වන Divolca විදුලි උපාංග තවත් නව්‍යකරණයට ලක් කරමින් තවත් පුළුල් පරාසයක් වෙත ගෙන යාමේ ගමන අද ඇරඹෙනු ඇති.

මුම්බායි හි පිහිටුවා ඇති අපගේ කර්මාන්ත ශාලාව තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර ඉල්ලුම අනුව විදුලි උපාංග සැපයීමට මෙතැන් සිට ඇරඹීමට ලැබීම ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස අප ලැබූ තවත් ජයග්‍රහණයකි.

මෙම සියලු මෙහෙයුම් හරහා අලුත්වන අපගේ ඒකායන බලාපොරොත්තුව සවිබලයෙන් ජවසම්පන්න වූ ආලෝකවත් ශ්‍රී ලංකාවෙන් ලෝකයම එළිය කිරීමයි.

මෙම ශ්‍රී ලාංකේය ජාතික මෙහෙවර සමඟ සවිබලයෙන් එක්වන ලෙස මම මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකිකයනට ආරාධනා කරනු කැමැත්තෙමි.අප එකිනෙකා අත්වැල් බැඳගනිමින් අපේ ශක්තියෙන් ශ්‍රී ලංකාවම ආලෝකවත් කරන ගමන අද සිට අරඹමු.

මෙම නව්‍යකරණයට සමගාමීව
The ME සමූහයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයද පත් කර ගනු ලැබීය.  කුමාරි සමරවික්‍රම නියෝජ්‍ය සභාපති තනතුර දරන සමාගමෙහි නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස  ෂෙහාන් සමරවික්‍රම මහතා ද පත් වූ අතර නව මෙහෙයුම්  අධ්‍යක්ෂවරයා  ලෙස උදාර සමරවික්‍රම මහතා පත්විය  මූල්‍ය සහ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා ලෙස ෂෙනාල් සමරවික්‍රම මහතා පත්විය.

Divolca සන්නාමය යටතේ  විදුලි උපාංග නිෂ්පාදන  50 ක් පමණ  සමන්විත සමාගමක් වන the ME  සන්නාමය SLS සහ ISO ප්‍රමිතීන්ට අනුකූලව නිපැයුම් සිදුකරනු ලබන  විශ්වාසනීය,ප්‍රමිතිගත සහ ගුණාත්මක සන්නාමයක් ලෙස ඉතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button