දේශීය

පෙට්‍රල් පෝලිම්වල අදත් ඉන්න එපා – සිපෙට්කෝ දැනුම්දෙයි

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද (18) දිනයේත් පෝලිම්වල රැඳි සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකගැනීමට හැකිය.

අද දිනයේත් පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කර ඇත.

නමුත් හෙට සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button