දේශීය

මෙරට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් චීනයෙන් පරිත්‍යාගයක්

කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙරට ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000 ක් පරිත්‍යාග කිරීමට මහජන චීන රජය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙත එම පරිත්‍යාගය සිදු කරන බවයි අභියෝග හමුවේ නොසැලෙන සැබෑ මිතුදම යන තේමාව යටතේ චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

සිය හැකියාව අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අඛන්ඩව සහය වන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (25) සහතික වූ බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ සහල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button