දේශීය

කොරෝනා ගැන අනියත බියක් ඇති කරගන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහ​තා පවසන්නේ, දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවයි.

කොවිඩ් ඇතුළු බෝ වන රෝග පිළිබදව මෙන්ම විවිධ ශ්වසන රෝග සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළිත් කතාබහක් මතුව තිබෙනවා.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ජනතාව මුඛ ආවරණ පැළදීම සහ පෙර සෞඛ්‍ය පුරුදු නැවත ඇති කර ගැනීම තුළින් රෝග ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකියාව පවතින බවයි.

මීට අමතරව ​මේ දිනවල ඩෙංගු රෝගයද ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ මාසයේ ඩෙංගු රෝගීන් 10,088ක් වාර්තාවී තිබෙනවා.

එමෙන්ම, මේ දිනවල පැතිර යන වෛරස් රෝගය කොරෝනාද ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක්ද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍රකාශයක් ලබාදිය යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button