දේශීය

වෛද්‍ය ෂාෆි තමන්ට ලැබුණු හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි

කාන්තාවන් 4,000ක් වඳභාවයට පත්කිරීම, ඇතුළු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන සිටි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතාට අදාළ කාලය තුළ ගෙවිය යුතු හිඟ වැටුප මේ වනවිට ගෙවා තිබේ.

වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා පැවසුවේ අවුරුදු 03කට අදාළ හිඟ වැටුප මෙලෙස තමන්ට ලැබුණු බවය.

ඊට අදාළ චෙක්පත කුරුණෑගල රෝහලේ ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් නිකුත් කර තිබුණි.

ඒ අනුව, ඔහුට ලැබුණු මුදල රුපියල් 26 ලක්ෂ 75,816යි සත 47කි.

නමුත් එම මුදල රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට යෙදවීමට වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා පියවර ගෙන තිබේ.

ඒ, ජාතීන් අතර විස්වාසයත් සමගියත් තහවුරුකිරීමේ අරමුණිනි.

ඒ අනුව, මිලගණන් කැඳවා අදාළ ඖෂධ මිලදී ගෙන ඒවා රෝගීන්ට ලබා දීමටයි ඔහු තීරණය කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button