දේශීය

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය ලැබෙයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව අද වෙළෙඳ අමාත්‍යංශය වෙත යොමු කරන බවයි.

මේ අතර ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය ද හිමි වු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර ආශ්‍රිත කර්මාන්තශාලා වෙත පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එම
කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළා.

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙස වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය දා මෙරටට ආනයනය කිරිමට පියවර ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button