දේශීය

මැතිවරණ පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526ක්.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button