දේශීය

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවත්තලා

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් සංවිධානය කර තිබු රැස්විමකින් පසු පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

එම රැස්වීම නුවරඑලිය ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබු අතර, රැස්විමෙන් අනතුරුව සහභාගි වු පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ ඊයේ (18) රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණා.

භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් (17) දින එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර බලා රැස්විම පවත්වන ලෙසත්, එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසට සංවිධායකයන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button