දේශීය

විදුලි බිල 75% කින් ඉහළට..!

විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කොළඹ අද (09) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 264කින් ඉහළ නංවන බවයි. ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලිබිලට එකතුවනවා.

31ත් 60ත් අතර, ඒකක සංඛ්‍යාවක් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල 200% කින් සහ ඒකක 61ත් 90ත් අතර භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල 125% කින් ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා.

ඒකක 90ට වැඩි අයට 276% ක වැඩිවීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125 %ක පමණ සුළු ප්‍රමාණයක් බවද මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, ඒකක 31 ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළයාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ වන ලෙසද,
ඒකක 90ත් 120ත් අතර භාවිතාවකදී රුපියල් 2900ක් පමණ ප්‍රමාණයකින්ද විදුලි බිල ඉහළ යනු ඇති.

එසේම, ගාස්තු ඉහළ නැංවීමේ දී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වනතුරු සියලු පාරිතෝෂිත ලබා නො දිය යුතුය යන්න එම කොන්දේසි අතරට ඇතුළත්.

මේ අතර, විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වන තුරු සේවක පාරිතෝෂිත (බෝනස්) නො ගෙවන ලෙසත් මහජන උපයෝගිතා කොමිසම නිර්දේෂ කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button