දේශීය

තානාපති කාර්යාලත් වසා දමයි

මෙරට පවතින ඩොලර් අර්බුදය හමුවේ වියදම් පාලනය කිරීමේ අපේක්ෂාවෙන් ඉරාකයේ හා නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ පොදුරාජ්‍ය මණඩලයීය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනව බව වාර්තාවෙනවා.

මාර්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අද (21) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල වසා දැමීම තාවකාලික බවත් මෙරට මූල්‍ය තත්ත්වය යහපත් වූ පසු නැවතත් එම කාර්යාල පිහිටුවීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා අදාළ කටයුතු ආවරණය කෙරෙනු ඇති.

නෝර්වේ ඔස්ලෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමෙන් අනතුරුව එම රාජකාරී ස්විඩනයල අයිස්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල තානාපති කාර්යාල වෙත පැවරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමෙන් පසු එහි කොන්සල් බල ප්‍රදේශය කැන්බරා හි මහ කොමසාරිස් කාර්යාලය වෙත මාරු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button