ප්ලාස්ටික් නිසා ශ්‍රී ලංකාවේ ඉහළ යන පරිසර දූෂණය
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව නාගරික ප්‍රදේශවලට පමණක් නොව අනෙකුත් ප්රදේශවලටද බලපාන පරිදි වර්තමානයේ පුළුල් වී තිබෙනවා.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වුණේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ මුහුදට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,500 ක ප්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් ගලා ඒමක් සිදු වී ඇති බවයි.
මීට අමතරව, Marine Pollution Bulletin හි අධ්‍යයනයකින් හෙළි වූයේ, ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන්ගෙන් 87% ක් අපද්‍රව්‍ය පරිභෝජනය කරන බවයි.
බලධාරීන් පවසන්නේ, කොළඹ වැනි නාගරික ප්‍රදේශවල, ප්ලාස්ටික් දූෂණය ඉහළ ගොස් ඇති බවත්,ගෝලීය වශයෙන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජනනය 75% කින් ඉහළ ගොස් ඇති බවත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ බලධාරීන්ට අභියෝගයක් වි තිබෙන බවත්ය.
ජනප්‍රිය වෙරළබඩ ප්‍රදේශ, ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පිරී යාමෙන් සංචාරකයින් ආකර්ෂනය කර ගැනීම ඉතාමත් අසහසු කාර්යයක් වනවා.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර සිටින නමුත්, උණවටුන සහ මිරිස්ස වැනි වෙරළබඩ ප්‍රදේශවල ප්ලාස්ටික් සුන්බුන් ගොඩගැසීම සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබෙනවා.
සංචාරකයින්ගෙන් 85% ක ප්‍රමාණයක් විසින් ඔවුන්ගේ ගමනාන්තය ලෙස, පිරිසිදුකම හා ආකර්ශණීය බව,පදනම් කරගත් ප්‍රදේශ තෝරා ගනියි.
ලෝක වනජීවී අරමුදල (WWF) විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ප්ලාස්ටික් දූෂණය නිසා වාර්ෂිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8 ක් ජලජ පරිසරයට මුදාහරින බවත්, එය මුහුදු පක්ෂිගෙන් 90% කට පමණ බලපාන බවත්ය.
ශ්‍රී ලංකා රජය, මෙහි වැදගත්කම හඳුනාගෙන ,ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
2017 දී, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් කිරීම හරහා පරිසර දූෂණය අවම කිරීමට කැපී පෙනෙන පියවරක් ගත් අතර, මෙහි අරමුණ වූයේ, පරිසර පද්ධතීන්ට මෙමගින් වන අහිතකර බලපෑම් අවම කිරීමයි.
ඉහත සඳහන් කළ මූලික පියවරෙන් පසුව, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් වර්ග, ස්ට්‍රෝ සහ ස්ටයිරෝෆෝම් වලින් සාදන ලද බහාලුම් භාවිතය අවම කිරීම සඳහාද උපාය මාර්ග ක්‍රියාත්මක කරනු ලැබුවා.