දේශීය

පිටි මිල අඩු වුනත් පාන් බනිස් මිල අඩු වෙන්නෙ නෑ.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසනවා.

රට තුළ බේකරි කර්මාන්තය සඳහා තිරිඟුපිටි සැපයීම 50% ක් ම සිදු කරනු ලබන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙකක් මගින් බවද සභාපතිවරයා කියා සිටිනවා.

එම තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තිරිඟු පිටි මිල සහ ආනයනික වෙළඳුන් සිය තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කළහොත් පමණක් පාන් ,බනිස් මිල අඩු කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා .

මෙරට පිටි සමාගම් දෙක තවමත් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 310ක් 280 මිලකට අලෙවි කරන බවත් එම සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කරාවි යැයි කියා සිතිය නොහැකි බවත් පවසන සභාපතිවරයා ආනයනය ක තිරිඟු පිටි මිල අඩු කළ බව පැවසුවත් තවමත් වෙළඳපොලේ පිටි කිලෝවක් රුපියල් 350 ක් බවද කියා සිටියා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button