දේශීය

ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම නතර කිරීමට සැවොම එක්විය යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

ඊශ්‍රායල – පලස්තීන යුධ  ගැටුම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය නායකත්වය ගෙන කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පවසන්නේ, යුද්ධය නැවත්වීම සඳහා ලෝක බලවතුන් බලපෑම් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (19) පැවති ඊශ්‍රායල – පලස්තීන ගැටුම සම්බන්ධයෙන් විශේෂ සංවාදයකට එක් වෙමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළා.

ලෝකයේ සෑම රටක්ම මේ යුද්ධය නතර කිරීම සඳහා එකම ස්ථාවරයක කටයුතු කළ යුතු බව  තම මතය ජාත්‍යන්තර සාම සමුළුවේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතිවරයා ලෙස  ඔහු පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,  එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය මේ සඳහා මුල්වී වහාම යුද්ධය නතර කිරීම සඳහා මැදිහත් විය යුතු බවයි.

මෙම  යුද්ධය හේතුවෙන් මුළු ලෝකයම විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවත් හිටපු ජනපතිවරයා පඅවසනවා.

 ඔහු සඳහන් කළේ, එම හේතුවෙන්  දුප්පත් රටවල් අසීරු අඩියකට පත්වන බවත් යුද්ධය නතර කිරීම සඳහා ලෝක බලවතුන් බලපෑම් කළ යුතු බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button