විදෙස්

ඇෆ්ගනිස්තානයේ අපනයන නවතියි

ඉරානයේ චබහාර් වරාය හරහා ඇෆ්ගනිස්තානය විසින් සිදුකළ සියලුම අපනයන කටයුතු මාස තුනක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි වාර්තා වේ.

එරට අපනයන අතර පළතුරු,වූල් ආදිය කැපී පෙනෙන අතර ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන්ම ගොඩබිම් දේශසීමාවලින් වටවූ රටක් වීම හේතුවෙන් ඒවා නැව් මගින් අපනයනය කිරීම පකිස්තානය හෝ ඉරානය හරහා සිදුකළ යුතුවේ.

කෙසේවෙතත් පැවති ගැටුම් සහ දැනට පවතින අස්ථාවරත්වය හේතුවෙන් පසුගිය මාස තුනක පමණ කාලය තුළ ඉරානය හරහා තමන් විසින් කිසිදු අපනයන කටයුත්තක් සිදුකර නොමැති බව ඇෆ්ගනිස්තාන වාණිජ සහ ආයෝජන මණ්ඩලය සදහන් කරයි.

මේ හේතුවෙන් රටට ආදායම අහිමි වී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඇෆ්ගනිස්තානයේ දැනට පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button