මුව ආවරණ මිල හෙට සිට ඉහලට

වෙළද පොළේ මුව ආවරණ මිල හෙට සිට සියයට 30කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති විදුර අල්ගම සදහන් කළේ මුව ආවරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා පවතින ගැටලු හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි.