දේශීය

මිනිස්සුන්ට කන්න දෙන්න – නිතීඥ සංගමය

මහජනයා මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මෙරට දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පොලිම්වල බලා සිටින අතර මෙම තත්ත්වය හමුවේ ජනතාව කෝපයට සහ දැඩී අසහනයට පත්ව සිටින බවයි.

මෙවන් පසුබිමක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමඟ කටයුතු කිරීම ඉතා වැදගත් බවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් සෑම විටම සාධාරණ සහ අපක්ෂපාතී වියයුතු බවත් ශ්‍රි ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙනවා.

පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම මහජනතාවට හෙළිදරව් කිරීම මෙන්ම රට දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මුදාගැනීමට ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද රජය නිරන්තර පදනමින් මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත් බව එම සංගමය පවසනවා.

ඉන්ධන, ගෑස් සහ වෙනත් අවශ්‍යතා සැපරීම සඳහා සකස් කර තිබෙන සැලසුම් සහ එම සැලසුම්වල ප්‍රගතිය පිළිබඳවද නිරන්තර දැනුවත් කිරිම් සිදුකිරීම ඉතා වැදගත් බව නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button