ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට APPLE IPHONE සඳහා 5G සක්‍රීය කරයි

2018 වසරේ 5G හැකියාවන් ප්‍රදර්ශනය කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata PLC නැවත වරක් රට තුළ 5G සන්ධිස්ථානයක් අත්කර ගනියි.

එහි 5G අත්හදා බැලීමේ ජාලය හරහා Apple iPhone භාවිතා කරන්නන් වෙත 5G සම්බන්ධතාවය දීර්ඝ කරන පළමු අවස්ථාව බවට මෙය පත්වන බව සමාගමේ බලධාරීන් පවසනවා.

Apple iPhone මාදිලි 12 හෝ ඉන් ඉහළ මාදිලිවල සහ iOS 17 පරිශීලකයින්ට 5G තාක්ෂණයෙන් Dialog මඟින් 1Gbps දක්වා උඩුගත කිරීමේ වේගය අත්විඳිමට හැකියාව තිබෙනවා.

දිවයින පුරා ස්ථාන 70කට අධික සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම 5G අත්හදා බැලීමේ ජාලය වී ඇත්තේ  Dialog ආයතනයයි.

මෙම සේවාව කොළඹින් ලබාගත හැකි අතර රටපුරා තෝරාගත් ස්ථාන මොනවාදැයි, www.dialog.lk/5g මඟින් ඔබට දැනුවත් වීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

මෙම වැදගත් අවස්ථාව සැමරීම සඳහා, Dialog විසින් සිය Apple iPhone පාරිභෝගිකයින්ට මාසිකව 5GB නොමිලේ Data පිරිනමනු ලබනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata ස්වාධීන 5G (5G SA) ජාල සාර්ථකව අත්හදා බලන දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button