දේශීය

හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක්

කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර මේ ව​න විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට ඉදිරිපත්වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ හිල්ට​න් හෝටලේ පෞද්ගලික ආයෝජනයකට ලබාදෙන බව​ත් නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතු බවයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ, “ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එමෙන්​ම රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවද නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එහිදී ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත්වී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button