දේශීය

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් සිව්දෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, දමිත් තොටවත්ත, ආර්. ඒ, රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්. සී.එල්.බී ගොපල්ලව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම් සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button