දේශීය

බලංගොඩ නායයෑමකින් සිව්දෙනෙකු අතුරුදහන්

බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (12) පස්වරුවේ එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදි එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේවන විට අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළා.

කෙසේවෙතත් ඔවුන් පස් කන්දට යටවී ඇත්ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී කාලයේ මෙම සිදුවීම වාර්තාවු අතර පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තාවී නොමැති බවයි.

කෙසේවෙතත් නායයාමට ලක්වු ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක්වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර අනතුරුදායක වැසි තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පවසනවා.

ඒ පිළිබඳ අමාත්‍යවරයා දැක්වූ අදහස්,

“කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යාන්තර වශයෙන් කියලා තියෙනවා. මේ කාලයේ දැඩි වර්ෂාපතනයක් එනවා. ඒක කඳු නාය යන ගෙවල් කැඩෙන, වැව් කැඩන තරම් බරපතළ වර්ෂාවක්. ඒ කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති වෙනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා”.ඒ වගේම මේ වර්ෂාව ඉවර වෙලා දැඩි නියඟයක් එනවා කියනවා යල් කන්නයේ. ඒ නිසා තමයි අපි කිව්වේ යල් කන්නයට වගා කරගන්න ඉතුරු කරගන්න වතුර කියලා. අපි හිතනවා ඒ පිළිබඳව ගොවි ජනතාව කටයුතු කරයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button